මාරපන ශාස්ත්‍රෝදය පිරිවෙනෙහි ආරම්භය
අතිගරු මාරපන සිරි සුමන මහා ස්ථවිරයන් වහන්සේ තමා භාරයේ තිබෙන විහාරස්ථාන දියුණු කරමින් ස්වකීය පළාතේ ශාසනික කටයතු කරන්නේ එවකට සපරගමු පලතේ ප්‍රාචීන ධර්ම ශාස්ත්‍රධ්‍යයනයට සෑහෙන විද්‍යස්ථානයක් නො තිබූණ නිසා එබන්දක් ඇතිකිරිමෙන් ආධුනිකයන්ට සිදුවිය හැකි විපුල ප්‍රයෝජනය සලකා ස්වනිය සමානාචරිය මාරපණ මේධංකර ස්ථවිරයන් වහන්සේගේ හා පළාතේ ධර්ම ශාස්ත්‍රාභිවෘද්ධිකාමී පැවිදි - ගිහි භවතුන්ගේ ද ආධාර ඇතිව 1918 දී ශාස්ත්‍රෝදය නමින් පිරිවෙණක් පිහිට වූහ.
මෙහි ප්‍රධානාචාර්යත්වයට පත්කර ගත්තේ විද්‍යොදය පිරිවෙණේ ඉගනීම ලැබූ අලවතුගොඩ අත්‍ථදස්සී ස්ථවිරයන් වහන්සේ ය. 1920 දී උන් වහන්සේ ද අපවත් වූ නිසා එතැන් පටන් 1936 දක්වා පිරිවෙණේ අධ්‍යාපන කටයතු සඳහා සහකාර ආචාර්ය වරුන් පත්කරගන්නට සිදු විය.
මෙසේ වැඩි වශයෙන් සපරගමු පළාතට පමණක් ප්‍රමාණවත් ප්‍රයොජනයක් ඇති ව පිරිවෙණේ කටයුතු කරගෙන යන අතර පිරිවෙණේ දියුණුව හා කීර්තිය මුදුන්පත් වූයේ විද්‍යොදය පිරිවෙණේ ඉගෙනිම ලබා පැමිණි ආචාර්ය බෝපැත්තේ ජිනරතන පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර දෙනම පිරිවෙණේ කටයතු භාරගැනීමෙන් පසුව ය.
එයින් බෝපැත්තේ ජිනරතන ස්ථවිරයන් ආචාර්ය ධූරයක් සහිත අධ්‍යක්‍ෂධූරය දරමින් පිරිවෙණේ දියුණව සඳහා කටයතු කරන අතර කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිරයන් වහන්සේ පිරිවෙණේ ප්‍රධානත්වය දරමින් ස්වකීය පලාත ගැන සපරගමුවේ පැරණි ලියවිලි නම් ඉතිහාසය ග්‍රන්තයක් ලියා රාජකීය පණ්ඩිත උපාධිය ලැබ සබරගමු පළාතේ රාජකීය පණ්ඩිත උපාධිය ලැබූ ප්‍රථමයා වී එපමනකින් නො නැවතී උඩරට තාල ශාස්ත්‍රය, ඉතිහාස, පුරාවිද්‍යා, ශිලා ලිපි, සන්දේශ, වෛද්‍ය, නක්‍ෂස්ත්‍ර, ඇතුළු ත්‍රිපිටක ධර්මය පිළිබඳව ත් සිංහල, පාලි, සංස්කෘත පොත් මහත් රාශියක් සංශෝධනයෙන් සංස්කරණයෙන් හා ලිවීමෙන් ප්‍රකාශයට පමුණුව ලක්දිව පමණක් නොව පෙර අපර දෙදිග ම ප්‍රාචීන භාෂාභිවෘද්ධිකාමීන්ගේ සිත් තුළ මාරපණ ශාස්ත්‍රෝදය පිරිවෙණ යන නාමය අමරණීය ලෙස ස්වර්ණාක්‍ෂරයෙන් ලියවා තැබී ය.